Colombo Today Local News

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එල්ල වී තිබෙන ජීවිතය තර්ජන පිලිබඳව  පසුගිය දා බොදු බල සේනා ප්‍රධාන විධායක  නිලධාරී දිලන්ත විතානගේ  පොලිස්පතිවරයාට කල ඉ තැපැල් පැමිනිල්ල පිලිබඳව ප්‍රකාශයක් ලබා දීමට ඔහුව 2017 මැයි 27 සෙනසුරාදා  උදේ 9ට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයට කැදවා තිබෙනවා.

පොලිස්පතිවරයාට කර ඇති ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.
පොලිස්පතිතුමා .
පොලිස් මූලස්ථානය
කොළඹ

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන
බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ කර ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී  කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත.

මේ උදෙසා බන්ධනාගාර ගත පාතාල සාමජිකයින් යොදා ගෙන  හෝ රාත්‍රී කාලයේ ගමන්කරන විටක අන්‍යාගමික ප්‍රදේශයක කලබලයක් ඇති කර ජීවිත තර්ජනයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවට අපට තොරතුරු  ලැබි තිබුනි..එම තොරතුරු  වල යම් සත්‍යතාවයක් ඇති බව අපට පෙනී යයි.

සිය අරමුණ  ඉටු කර ගැනීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර  උපකාර ලබන අන්තවාදීන්  විසින් මෙම උත්සහා ගනු ලැබිය හැකි බවත් ඒ උදෙසා රජයට සම්බන්ද  පිරිස් මෙන්ම විපක්ෂයේ පිරිස් ද සිටින බව අපගේ විශ්වාසයයි..

මේ මගින් රටේ පවතින තත්වය තවදුරටත් භයානක තත්වයකට පත් විය හැකි බැවින් මේ.පිලිබඳ  පරීක්ෂා  කරන ලෙසත් ,එම හිමියන්ගේ ආරක්ෂාව පිලිබඳව කටයුතු කරන ලෙසත්,  ඔබගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය රජය කාලයේදී ද මෙවනි ජීවිත තර්ජන අපට තිබුණ බවද සදහන්  කරමු.

මේ තත්වය තුල රජය නිසි පියවර නොගැනීමෙන් ඒ හිමියන්ට යම් අනතුරක් වුවහොත් ඒ පිලිබඳ  වගකීම ජනාධිපති ,අගමැති ප්‍රමුඛ  රජය විසින් ගතයුතු බව අප විසින් දැනුම් දෙමු..

ස්තුතියි
තෙරුවන් සරණයි

කථිකාචාර්ය  දිලන්ත විතානගේ
ප්‍රධාන  විධායක නිලධාරී
බොදු බල සේනා..

Related posts

“ලව් ටොෆී” කන්න ගිය ගල්කිස්සේ බාලිකාවියන් මත්වෙයි… මොහොමඩ්ලා දෙදෙනෙක් උසාවි කැදවයි

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

Admin

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday