Colombo Today Local News

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට යැමට යහපාලන ආණ්‌ඩුවට ඇති එකම බාධාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පිං ඇමැතිවරුන් කිහිප දෙනෙක්‌ නිසා යෑයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
පසුගිය මැතිවරණ දෙකම පරාජයට පත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනමත විචාරණයකට යැමට බිය වී ඇතැයි ද හෙතෙම කීවේය.
මරදාන පිහිටි සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (16 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී එසේ කී සමන් රත්නප්‍රිය මහතා මෙසේද සඳහන් කළේය.

මේ වන විට යහපාලන ආණ්‌ඩුවට වසර 2 1/2 ක්‌ ගත වෙලා. නමුත් ආණ්‌ඩුවේ ගමන් මග පිළිබඳව අපට සතුටු විය නොහැකියි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකළේ දැයි අපට ප්‍රශ්නය මතුව තිබෙනවා. ආණ්‌ඩුවේ සාර්ථකත්වයක්‌ වගේම අසාර්ථකත්වයක්‌ තිබෙනවා. ඕනෑම ආණ්‌ඩුව ජනප්‍රියතාව තිබෙන්නේ වසර 2-3 ක්‌ පමණයි. නමුත් අවංකවම තම වගකීම ඉටුකරනවා නම් වසර 2-3 ක්‌ නොව තවත් ඉදිරියට ගෙනයන්න පුළුවන්. පසුගිය රජයේ දූෂණ වංචා සොයන බවට ප්‍රතිඥ දුන්නා. නමුත් පරීක්‍ෂණ තවම මන්දගාමියි.

රටට ගැලපෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව තිබෙනවා. නමුත් ව්‍යවස්‌ථාව ගෙනෙන එක, කෙටුම්පත් කරන එක ප්‍රමාදයි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්‌ දීමට නම් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළ යුතුයි. මේ සඳහා කමිටු පත් කළත් තවම නැහැ. මේක ආණ්‌ඩුවේ දුර්වලතාවයක්‌. කුමන්ත්‍රණවලින් නව ව්‍යවස්‌ථා ගෙනෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කරගෙන ජනමත විචාරණයකට යා යුතුයි. රටේ ජනමත විචාරණයකට යන්න බය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පිං ඇමැතිවරුන් පමණයි. ආණ්‌ඩුවේ කළමනාකරණ වැඩපිළිවෙළේ අඩුපාඩු තිබෙනවා. ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්‌ඩුවට තවත් කාලය තිබෙනවා.
මහාචාර්ය සරත් විඡේසූරිය මහතා – ජනවාරි 8 වැනිදා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්‌ඩුව කල්මරමින් සිටිනවා. ආණ්‌ඩුවේ දූෂිත ඇමැතිවරුන් ද ඉන්නවා. නිලධාරීන් ද ඉන්නවා. මෙවැනි දූෂිත පාලනයක්‌ ඇති කරන්න නෙමෙයි සිවිල් සංවිධාන හැටියට අපි යහපාලන ආණ්‌ඩුවට සහාය දුන්නේ. නමුත් අපි කම්පා වෙනවා රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වෙලා ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට දූෂිතයන් ආරක්‍ෂා කිරීම ගැන. දේශපාලන ප්‍රතිසංස්‌කරණ පිටුපසට දමා තිබෙනවා. පාලකයන්ගේ අවංකභාවයට කැපවීමත් අවශ්‍යයි. අපි හැමදාම ආණ්‌ඩුවට බල කරලා කියන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන ලෙසටයි. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීම තමයි ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම.

ගාමිණී වියන්ගොඩ

ආණ්‌ඩුවේ කාලසීමාවෙන් භාගයක්‌ අවසන් වෙලා. රටේ යම් යම් දේවල් ඇති වෙමින් තිබෙනවා. නමුත් දින 100 වැඩපිළිවෙළ තුළින් පමණයි මේ ආණ්‌ඩුව වැඩක්‌ කළා නම් කළේ. තීරණාත්මක තීන්දු තීරණ ගත්තේ දින 100 වැඩපිළිවෙළ තුළින් පමණයි. ඉන් පසුව රටට, සමාජයට දැනෙන කිසිදු දෙයක්‌ කළේ නැහැ. නායකයෙක්‌ වෙනස්‌ කිරීම තුළින් පමණක්‌ අපට වැඩක්‌ නැහැ. මේ තත්ත්වය තුළින් අපට පෙනෙනවා පසුගිය රජයත් යහපාලන රජයත් අතර කිසිදු වෙනසක්‌ නැහැ කියලා. තවම ආණ්‌ඩුවට පෙන්වන්න බැරි වුණා පසුගිය රජයේ වැරදි. කටින් තමයි පෙන්වන්නේ. පසුගිය රජය කළ වැරදි සොයන්න විශේෂ අධිකරණයක්‌ පිහිටුවන්න. අද අත්අඩංගුවට ගන්න අය පසුව නිදහස්‌ කරනවා. සමාජය අන්දලා වැඩක්‌ නැහැ. අද බුද්ධිමත් සමාජයක්‌ තිබෙන්නේ. ඔවුන් දන්නවා කෙරෙන නොකෙරෙන වැඩ ගැන. ආණ්‌ඩුවේ මේ වැඩපිළිවෙළ හෙළා දකිනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මුළු ලෝකයටම කිව්ව දේවල් බොරු වෙමින් පවතිනවා. අසම්පූර්ණ වැඩ තමයි ආණ්‌ඩුවේ තිබෙන්නේ.

සංහිඳියාවක්‌ ගැන කතා කළාට සංහිsඳියාවක්‌ නැහැ. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තවම නැහැ. පැරදුණු ශ්‍රීලනිප ඇමැතිවරු තමයි ජනමත විචාරණයකට බය. ජනවාරි 8 වැනිදා දිනන්න බැරි බව කිව්වා. නමුත් අපි දිනුවා. නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුයි. දුන් පොරොන්දු ඉටුකරමින් ජනතාවට සාධාරණයක්‌ කරන්න. එහෙම නොවුණහොත් යහපාලන ආණ්‌ඩුවේ අනාගතය අඳුරු වෙන්න පුළුවන්.

Related posts

රට බල්ලන් ගෙට දමා, හැදූ පියා බලු කූඩුවට දැමූ නරුම දුවක් දැන් පොලිස් කූඩුවේ

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday

කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා

colombotoday

බෙන් එමර්සන් හොරාගේ අම්මාගෙන් පේන අහලා ! හිටපු කොටින්ගෙන් සාක්ෂි අරන් වාර්තා හදයි..

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday