Colombo Today Local News

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

කැබිනට් මණ්ඩල සංශෝධනයකට අගමැතිවරයා තවදුරටත් එකග නොවන්නේ නම්, ලබන අගහරුවාදා (09) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තමා කැබිනට් රැස්වීම්වලට සහභාගී නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එජාප ප්‍රබල ඇමතිවරයෙකුට දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

දැනට එජාපයට බාර දී ඇති කිසිඳු අමාත්‍යංශයක් ශ්‍රීලනිපයට පවරා නොගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී එම ඇමතිවරයාට සහතික වී ඇතැයි ද පැවසේ.

අගමැතිවරයාගේ එකඟත්වය මත පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල ජනාධිපතිවරයා මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව සිටියි. මේ සම්බන්ධයෙන් ඊයේ (06) රාත්‍රී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විශේෂ සාකච්ජාවේ දී ද කතාබහට ලක්ව ඇත.

තමා මෙම අර්බුදය සම්බන්ධයෙන් තමාගේ ඥාතිවරයකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග පාර්ලිමේන්තුවේදී දීර්ග වශයෙන් සාකච්ජා කල බවද අමාත්‍ය අමරවීර මහතා එහිදී සඳහන් කර තිබේ.

Related posts

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday