Colombo Today Local News

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

ගුවන් තොටුපලේ කුළී මෝටර් රථ ටෙන්ඩරය ලබාගත් අයට පිටින් වෙනත් අයකුට බලපත්‍රයක් ලබාදීමට ජෝන් අමාත්‍යවරයා උත්සාහ කිරීම නිසා එක්සත් ජාතික පක්ෂ කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය විසින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට පරුෂ වචනයෙන් බැනවැදී ඇතැයි වාර්තා වේ.

කුළි මෝටර් රථ ධාවන අවසර පත්‍රය සංචාරක අමාත්‍යංශය විසින් නිකුත් කරන්නක් වන අතර මේවන විට අදාළ ටෙන්ඩරය ලබාගත් පාර්ශවයට එම අවසර පත්‍රය සංචාරක අමාත්‍යංශය විසින් නිකුත් කර පසුව එය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

එය අත්හිටුවීමට හේතුව ලෙස සංචාරක අමාත්‍යංශය දක්වා ඇත්තේ ටෙන්ඩරය ලබාගත් පාර්ශවයට එරෙහිව පැමිණිලි ලැබී තිබීමය.

ජෝන් අදාළ ටෙන්ඩරයට පිටින් “චුට්ටේ” නැමැත්තෙකුට කුළී මෝටර් රථ 5ක් ධාවනයට අවසර දෙන ලෙස ඉල්ලා ඇති බව පැවසේ.

“චුට්ටේ” පසුගිය මැතිවරණයේදී තමාට සහයදුන් බැවින් ඊට හිලව් ලෙස මේ අවසරය ලබාදෙන ලෙස මන්ත්‍රීවරියගෙන් ඉල්ලා ඇත.

මන්ත්‍රීවරිය පවසා ඇත්තේ “චුට්ටේ” රාජපක්ෂ හිතවතෙකු බවත්, එසේම ටෙන්ඩරය ලබාගත් අයට පිටින් එවැන්නක් කළ නොහැකි බවයි.

චුට්ටේ නැමැත්තා පාතාල නායකයකුව සිටි ටයිටස්ගේ දියණියක හා විවාහ වී සිටින්නකු බවද වාර්තා වේ

Related posts

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

colombotoday

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

colombotoday

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday