Colombo Today Local News

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

යකඩ බඩු එකරැස් කරන ස්ථානයක නීතිවිරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගනු ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පෑලියගොඩ ප්‍රදේශයේ යකඩ බඩු එක කරන ව්‍යාපාරයක හිමිකරුවකු විසිනි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මින් ඉහත දී ද වෙනත් පොලිසියක රාජකාරි සිදු කරන අවස්ථාවේ දී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු නිදොස් කොට නිදහස් වී ඇතැයිද වාර්තා වේ.

සැකකරු අද (22)දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද අල්ලස් කොමිසම පවසයි.

Related posts

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි

Admin

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

අගමැති රකින කෙනා මෙන්න

colombotoday