Colombo Today Local News

බැඳුම්කර වංචාවේ තවත් රහස් වාර්තාවක් එළියට !

kamba-horu-232මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්‍ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ වනවිට අධික ලාබයක් අත්පත්කර ගනිමින් ලංකාවේ අංක එකේ සමාගමක් දක්වා වර්ධනය වී ඇති අතර එහි නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.

එම වාර්තා අනුව අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම 2016 අප්‍රේල් සහ මැයි මාස දෙකේ ලාභය ඉතා අධික ලෙස වර්ධනය වී ඇති අකාරය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරයි.

ලංකාවේ ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකුවල 2015 මාර්තු-2016 මාර්තු වර්ෂයට අදාළ ලාභයට වඩා විශාල ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන තිබේ. එම ලාභය කෝටි 520ක් ඉක්මවා යන අතර ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක් දිනක ලාභය එක්කොටි අසූ ලක්‍ෂයක් (18,000,000) වේ.

විශාල ශාඛා ප‍්‍රමාණයක්, විශාල සේවක සංඛ්‍යාවක් ඇති වානිජ බැංකුවක් ලබන ලාභයට වඩා එක් කාර්යාලයක් තිබෙන, සේවකයින් 20ක් පමණ සිටින සමාගමක් ලබා ගැනීම විශ්මය ජනකය. 2014 වර්ෂයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය කෝටි 90ක් වනවිට 2015 වසරේ අතිවිශාල ලාභයක් ලබන්නේ බැඳුම්කර අලෙවියෙන් බව සනාත වෙමින් තිබේ.

2013 වසරේ ආරම්භ කරපු එම සමාගම 2015දී කෝටි 520ක් ලාභ ලැබීමට ප‍්‍රධාන සාධකය වන්නේ 2015 පෙබරවාරි මාසයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවයි. එම සමාගම විසින් සිදුකරනු ලබන්නේ බැඳුම්කර මිලදීගෙන විකිණීම පමණයි.

 

01 02 03 04 05 06 07 08 img050 img052 img053 img054 img055 img056 img057 img058 img059 img060 img061 img062 img063 img064 img065 img066 img067 img068 img069 img070 img071 img072 img072-2 img073 img075 img076 img077

-lanka truth-

Related posts

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

නාවල පාර දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා වහයි

Admin