Colombo Today Local News

හොර නෝට්ටු 602ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 602 ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු සීදූව ලියනගේමුල්ල දී සහ වීරගුල අංගම්පිටිය යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් පවසයි.

ලියනගේමුල්ල ප්‍රදේශයේදී ඊයේ (30)දින පස්වරුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනකු නවතා පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව ව්‍යාජ රුපියල් පන්සීයේ නෝට්ටු 60 තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව වීරගුල අංගම්පිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි තිබී 540ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 43,45 යන වයස්වල බවත් මොවුන් සංවිධානාත්මකව මෙම ජාවාරම සිදු කරන්නන් බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් සතුව ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක්, ඇතුළු වූ භාණ්ඩ රැසක් තිබූ බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday

මත්තලට ගුවන්යානා ගෙන්වන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් රජය සොයයි

colombotoday

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin