Colombo Today Local NewsHot News

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

vinisuru

මොවුන්ට පැවරී ඇති කටයුතු මෙසේයි.

1. චෝදනාවලට ලක්‌කරන සැකකරුවන් තෝරා ගන්නා ආකාරය නිරීක්‍ෂණය කිරීම

2. විදේශ විනිසුරුවරුන්ගේ සහභාගිත්වය

3. ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තෝරා ගැනීම සඳහා වූ ක්‍රමවේදය නිරීක්‍ෂණය.

4. උතුරේ හමුදාව ඉවත් කිරීමේ ක්‍රමවේදය

5. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්‌කරණයට ලක්‌කිරීම

6. ත්‍රස්‌තවාදයට එරෙහිව ක්‍රියාකිරීමේ නීතිරීතිවල වලංගුතාවය සෙවීම

7. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මත ද්‍රවිඩයන්ට හා මුස්‌ලිම් ජනතාවට සිදු කෙරෙන ක්‍රියාදාමය

මෙම කරුණු විමර්ශනයට ලක්‌ කිරීමෙන් පසු 2017 ජනවාරි මස එකී විනිශ්චය මණ්‌ඩලය සිය වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශික විනිසුරුවරුන්ට මැදිහත්විය නොහැක.

එහෙත් පසුගියදා දේශ සීමා රහිත ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානය විදේශීය විනිසුරුවරුන් හය දෙනෙකුගෙන් යුත් මණ්‌ඩලයක්‌ පත්කරමින් ඔවුන් යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය යාන්ත්‍රණය නිරීක්‍ෂණයට ලක්‌ කරන බව කියා සිටියේය.

මේ විදෙස්‌ විනිසුරුවන් කණ්‌ඩායම මෙසේයි. මේරි ගුයිරවුද් (ප්‍රංශය පීටර් හේනස්‌ (බ්‍රිතාන්‍යය)

රිච්ඩ් රොඡ්ර්ස්‌ (බ්‍රිතාන්‍යය) හීතර් රයින් (ඇමරිකාව)

අජිත් ප්‍රකාශ් (ඉන්දියාව) සත පේපරි රොබට්‌සන් (බ්‍රිතාන්‍යය)

2015 නොවැම්බර් සිට 2016 දෙසැම්බර් දක්‌වා කාලය තුළ ක්‍රියාත්මක වන මෙම විනිසුරු මණ්‌ඩලයට පැවරී ඇති රාජකාරිය නම් දේශීය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න නිරීක්‍ෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීමයි. ප්‍රභාකරන්ගේ නීති උපදේශක වූ විශ්වනාදන් රුද්රකුමාරන් විසින් පත්කළ මෙම විනිසුරු මණ්‌ඩලයට පත්කර ඇති විනිසුරු කණ්‌ඩායමේ පසුබිම නිරීක්‍ෂණය කළ යුතුය. මේරී ගුයිරවුද් – කාම්බෝජ යුද අධිකරණයට සහය වන නීතිවේදිනිය ඇයයි.

ඛමර් රාඡ් නැමැති බිහිසුණු ගරිල්ලා සංවිධානය සිදු කළ අපරාධවලට ගොදුරු වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් ඇය කාම්බෝජ ජාත්‍යන්තර යුද අධිකරණයේ කටයුතු කරයි. එසේම අයිවරි කෝස්‌ට්‌ හා කොන්ගෝ ජාත්‍යන්තර අධිකරණවලද ඇය සේවය කර ඇත.

පීටර් හේනස්‌ – යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල වූ සර්බියානු ජනරාල් වින්කෝ පැන්ඩුවින් වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටින නීතිවේදියා මොහුයි. ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණවලද මොහු පෙනී සිටි බව වාර්තාවේ.

රොබට්‌ රොඡ්ර්ස්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උසස්‌ තනතුරු දැරූ රොබට්‌ කොසවෝ අර්බුදය සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති පද්ධතිය නිරීක්‍ෂණය කළ ප්‍රධාන නිලධාරියාද වේ. එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ විමර්ශන විනිශ්චය සභාවේද කටයුතු කර ඇත. ඔහු බංගලාදේශ, බොස්‌නිය, හර්සෝගොවිනා, ක්‍රෝඒෂියා, කොසවෝ සහ උගන්ඩා යුද අපරාධ අධිකරණවලද කටයුතු කර තිබේ.

ඇමරිකානු කොංග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවට සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ රොබට්‌ රොඡ්ර්ස්‌ය.

හීතර් රයින් – කාම්බෝජයේ ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු නිරීක්‍ෂණය කරන ඇය කමර්රාඡ් නායකයන් සිදුකළ සමූලඝාතන ක්‍රියාදාමයන් ගැන ද විමර්ශන දියත් කර ඇත.

අජිත් ප්‍රකාශ් ෂාහ් (ඉන්දියාව)

2005 වසරේ මදුරාසි මහාධිකරණයේ අග විනිසුරු ලෙස ක්‍රියා කළ අජිත් ප්‍රකාශ් 2015 අගෝස්‌තු තෙක්‌ නවදිල්ලි මහාධිකරණයේ අගවිනිසුරු ලෙස ක්‍රියා කළේය.

පේපරි රොබට්‌සන් (බ්‍රිතාන්‍යය)

යුරෝපා මානව හිමිකම් අධිකරණයේ කටයුතු කළ නිතිවේදියෙකි.

මෙම විනිසුරුවන්ව පත්කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ තහනමට ලක්‌වූ ඊළම් සංවිධානයකි.

මොවුන්ට පැවරී ඇති කටයුතු මෙසේයි.

1. චෝදනාවලට ලක්‌කරන සැකකරුවන් තෝරා ගන්නා ආකාරය නිරීක්‍ෂණය කිරීම

2. විදේශ විනිසුරුවරුන්ගේ සහභාගිත්වය

3. ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තෝරා ගැනීම සඳහා වූ ක්‍රමවේදය නිරීක්‍ෂණය.

4. උතුරේ හමුදාව ඉවත් කිරීමේ ක්‍රමවේදය

5. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්‌කරණයට ලක්‌කිරීම

6. ත්‍රස්‌තවාදයට එරෙහිව ක්‍රියාකිරීමේ නීතිරීතිවල වලංගුතාවය සෙවීම

7. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මත ද්‍රවිඩයන්ට හා මුස්‌ලිම් ජනතාවට සිදු කෙරෙන ක්‍රියාදාමය

මෙම කරුණු විමර්ශනයට ලක්‌ කිරීමෙන් පසු 2017 ජනවාරි මස එකී විනිශ්චය මණ්‌ඩලය සිය වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කෙරෙනු ඇත.

මෙහිදී නැඟෙන ප්‍රශ්න මෙසේයි. ටී. ජී. ටී. ඊ. නැමැති රාජ්‍ය නොවන සංවිධානය එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකා රජය තවදුරටත් තහනම් කළ සංවිධානයකි.

එම තහනම් කළ සංවිධානය පත්කළ ජාත්‍යන්තර විනිසුරුවන් කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් විය නොහැකිය.

ඒ සඳහා ඔවුන්ට නීතිමය හිමිකමක්‌ නැත. යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණය ගැන විමර්ශනයටත් ඔබ්බෙන් ඔවුන්ට විමර්ශන පැවැත්වීමට ටී. ජී. ටී. ඊ. සංවිධානය උපදෙස්‌ දී ඇත.

ඒ උතුරෙන් හමුදා ඉවත් කිරීම සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

එසේම ටී. ජී. ටී, ඊ. ප්‍රධානියා ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට ඇමරිකාවේ දේශප්‍රේමී පණත යටතේ ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට නොහැකිය.

එහෙත් ඇමරිකානු බලධාරීන් නිහඬ වී ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින සහකාර ලේකම් රොබට්‌ බ්ලේක්‌ සමඟ ඇති සබඳතාවය නිසා රුද්රකුමාරන්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගැනීමට ඇමරිකානු රජය ක්‍රියා කර නැත.

* කීර්ති වර්ණකුලසූරිය

Related posts

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday

අක්කර 2100ක පුරාවිද්‍යා බිමක් උක් වගාවට විදෙස් සමාගමකට දීලා !

colombotoday