Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

ලිට්‍රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000 ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සමාගමේ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසුවේ පාඩු ලබමින් තව දුරටත් ගෑස් සැපයුව හොත් ලිට්‍රෝ සමාගම තවත් මාස තුනකින් වසා දැමීමට සිදුවන බවත් රටට ඉතුරුව තිබෙන එකම ගෑස් සමාගම බේරාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත්ය.

මේ වන විට ගෑස් බාමින් තිබෙන නෞකාවෙන් පමණක් ලිට්‍රෝ සමාගම රුපියල් මිලියන 200 ක පාඩුවක් ලැබීම හේතුවෙන් ඉදිරියේදී ආනයනය කරන නෞකාවලින් වන පාඩුව රුපියල් මිලියන 200 ක් ඉක්මවීම අනිවාර්ය බව කී කොළඹහෙට්ටිගේ මහතා කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක වර්තමාන පිරිවැය රුපියල් 4462.25 ක් වුවද එය රුපියල් 2675 කට අළෙවි කරන බව ද සඳහන් කර සිටි.

ලිට්‍රෝ සමාගම 2021 වසරේ සිට ජනතාවට සහන සැළසීම සඳහා පාඩු ලබමින් ගෑස් ලබාදීම හේතුවෙන් 2021 වසරේ පමණක් රුපියල් කෝටි 1100 ක් අහිමිකරගත් අතරම මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 100 ක් අහිමිකරගෙන ඇති බවත් වර්තමානය වන විට ආයතනයේ මූල්‍ය තත්වය ඉතාමත් දුර්වල වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹ පිහිටි ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද (18) පස්වරුවේ පැවැත් මාධ්‍ය හමුවේදී පියල් කොළඹහෙට්ටිගේ මහතා එසේ පැවසීය.

Related posts

හාල්මැස්සන් රු.5කින්, පරිප්පු 10කින්, සීනි 2කින් අඩුවෙයි.. අන්තර්ජාල බදු 25%කින් වැඩිවෙයි

colombotoday

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

ජන ගඟක්නම් දැක්කේ නෑ. ගෝල්ෆේස් එකනම් තිබ්බා

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday