World

මියන්මාර් හමුදාවට එරෙහිව UN මානව හිමිකම් නිර්දේශ, මියන්මාර් රජය ප්‍රතික්ෂේප කරයි

මියන්මාර් හමුදාව එරට ‘රොහින්ගියා‘ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපචාර සිදු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම සදහා දූත මණ්ඩලයක් එහි යැවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා.

මියන්මාර් හමුදා භටයන් විසින් රොහින්ගියා වැසියන්ට එරෙහිව සමූහ දූෂණ සහ සමූහ ඝාතන සිදු කරන බවත්, එනිසා දස දහස් ගණනක් රොහින්ගියා මුස්ලිම් පිරිස් අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් ඇති බවත්, පසුගිය මාසයේ නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් චෝදනා කර තිබිණි. එයට වගකිව යුතු හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ නව යෝජනාව මගින් නිර්දේශ කර ඇත.

එහෙත් තම හමුදාවට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ නිර්දේශ භාර ගැනීමට තමන් කිසිසෙත් සූදානම් නොමැති බවත් මියන් මාර් රජය ප්‍රකාශ කර ඇත. මියන්මාර් රජයේ ප්‍රකාශ උපුටා දක්වමින් මියන්මාර පුවත් සේවා පවසන්නේ, රොහින්ගියා ප්‍රජාව විසින් සිදුකරන ලද ප්‍රචන්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සහ රට තුළ සාමය ආරක්ෂා කිරීම සදහා රජයේ හමුදාව නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවයි. එබැවින් තම හමුදාවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ නිර්දේශ පිළි නොගැනීමට මියන්මාර් රජය තීරණය කර තිබේ.

Related posts

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

මෙල්බර්න් නගරවාසීන්ට අනතුරු ඇඟවීම්

colombotoday

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

colombotoday