World

තම රටට වෙනත් රටක සිට කොවිඩ් වෛරසය පැමිණ ඇතැයි චීනයෙන් චෝදනා

කොවිඩ් වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් චීනය නව මතයක් ඉදිරිපත් කර තිබේ.

පළමු කොවිඩ් ආසාදිතයා චීනයේ වූහාන් නගරයෙන් හඳුනාගැණුනත්, එහි නිජභූමිය වූහාන් බව පැවසීම දෝෂසහගත බව චීනය පවසයි.

පසුගිය සමයේදී නගරය පුරා සිදුකළ පරීක්ෂණ රැසකින් ආනයනික ආහාර අසුරන මත තිබී කොවිඩ් කාරක වෛරසය හමුවූ බවද ඔවුන් පෙන්වාදෙයි.

ඒ අතරට ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් ගෙන්වූ ආනයනික ආහාර පවතිනු ඇතැයි ද සඳහන් වේ.

එවැනි පසුබිමක තම රටට වෙනත් රටක සිට කොවිඩ් වෛරසය පැමිණ ඇති බවට චීනය චෝදනා කරයි.

මේ හේතුවෙන් රෝගයේ ආරම්භය පිළිබද නව ප්‍රවේශයක් යටතේ සොයාබැලිය යුතු බව චීනය අවධාරණය කර සිටී.

Related posts

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

colombotoday

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday

රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම්

colombotoday