Colombo Today Local News

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය
පවසයි.

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඊයේ හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසා තිබේ.

ඉන්ධන මිල වැඩිවිම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ඔහු පවසයි.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසිනි.

Related posts

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

colombotoday

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Admin

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday