Colombo Today Local News

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිරගත වී ඇත්තේ මහජන මුදල් අවභාවිතා කළ බැවින් නිසා ඔහු දේශපාලන සිරකරුවෙකු නොවන බවත්, එහෙයින් උපවාස කළා කියා ඔහුට ඇප ලබා නොදෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (22) දෙක ඔහු මෙසේ පැවසීය.

“අපේ රටේ ඇප නීතියක් තිබෙනවා. ඇප පනතක් තිබෙනවා. මහජන දේපොළ සම්බන්ධ වැරදිවලට ඇපදීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ නීතියක් තිබෙනවා. ඒ අනුව කරුණු අධිකරණයට ගිහින් කියන්න අවශ්‍යයි. උපවාස කිළා කියා ඇප දෙන්නේ නැහැ. නීතිඥයෙක් විදිහට මට කියන්න තියන්නේ උපවාස කිරීම තේරුමක් නැති දෙයක් කියන එකයි.

නමුත් දේශපාලනඥයෙක් විදිහට කල්පනා කළාම ඒක නැගල යන පුවත් මවන වැඩක්. ඕනෑම සැකකරුවෙකුට සුදුසු කොන්දේසි මත, සුදුසු අවස්ථාවල ඇප දෙනවා. ඒකට හොද නීතිඥමහත්වරු අල්ලන්න අවශ්‍යයි“ යැයිද හෙතෙම කියා සිටියේය.

Related posts

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

දේශපාලනයට ආවොත් ගෝඨාභය ලංකාවේ මීළග රාජ්‍ය පාලකයා වනවා නියතයි – විජිත රෝහණ

colombotoday

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday