Colombo Today Local News

වෛද්‍ය සිසුන්ට පහරට දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දේශ පාලන මැරයෝ

රාගම වෛද්‍ය පීඨයේ හතරවන වසරේ වෛද්‍ය සිසුන් විසින් තුන්වන වසරේ වෛද්‍ය සිසුන්ට දුන් උපදෙස් වලට උරනවූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන එක් වෛද්‍ය සිසුවෙක් විසින් එම මැර බලය උපයෝගි කර ගනිමින් තමන්ගේ සහෝදර වෛද්‍ය සිසුන්ට පහරදීම සඳහා මැර කණ්ඩායමක් ඊයේ(01) දින රාගම වෛද්‍ය පීඨයට එවා ඇත.

එහිදී සමස්ත සිසුන් විසින් එම මැර කණ්ඩායමේ එක් මැරයෙක් අල්ලාගෙන ඇති අතර වාහනයක් ද දමා පැන ගොස් තිබේ.

එම මැරයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යටතේ සේවය කරන අයෙකු බවට මේ වන විට කරුණු ස්ථිරව සහතික වී ඇත.

මීට පෙර රාජ්‍ය වෛද්‍ය පීඨ වල මෙවැනි සිදුවීම් සිදුවී නොමැති අතර තමන්ගේම සහෝදර සිසුන්ට පහරදීමට දේශපාලන බලය යොදා ගැනීම ඉතා තක්කඩි බියසුළු ශිෂ්ට සමාජය විසින් නොඉවසන කරුණක් බව දෙමාපිය සංගමය පවසයි.

මෙහිදී එක් සිසුවෙකුගේ හෝ ජීවිතයට අනතුරක් වූයේ නම් වගකිව යුත්තේ කවුරුන් ද?

මෙය ඉතා භයානක පූර්වාදර්ශයක් වන අතර මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදු නොවීමට වග බලා ගත යුතු වේ.

එසේම මේ සිද්ධියට සම්බන්ධව වෛද්‍ය පීඨය තුළට මැරයන් රැගෙන ආ වෛද්‍ය සිසුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් වෛද්‍ය පීඨය තුළ සිටීමෙන් අනිකුත් ශිෂ්‍යයන්ට අනාගතයේ දී නැවතත් මෙවැනි කරදර වලට මුහුණපෑමට සිදුවනු ඇති බවත් වෛද්‍යවරයෙකු වීමට පුහුණුව ලබන මෙම වෛද්‍ය සිසුවා අනාගතයේදී වෛද්‍යවරුන්ට පමණක් නොව රෝගීන්ටද මෙවැනි ම ආකාරයකින් කටයුතු කරනු ලැබුවහොත් එය සමස්ථ වෛද්‍ය ප්‍රජාවටම මහත් අවමානයක් බව වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය පවසයි.

මීට පෙර ද අදාළ සිසුවා සිසුන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ සිසුන් ද අධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද වාර්තාවේ.

Related posts

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

colombotoday

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday