Colombo Today Local News

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

අකුරැස්ස, දීගල ප්‍රදේශයේ නිවසක බිත්තියකට යට වී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අකුරැස්ස පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන්නේ, අනතුරින් 8 හැවිරිදි පිරිමි දරුවෙක් එලෙස මියගොස් ඇති බවයි.

එමෙන්ම අනතුරින් තවත් 5 හැවිරිදි දරුවෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ නිවස අලුත්වැඩියා කරමින් තිබෙන අතරතුර එම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අකුරැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

Admin

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

කෝටි 100 කුඩු ජාවාරමේ කප්පිත්තා, මොහොමඩ් මුවාස් කටුණායකදී අල්ලයි

colombotoday

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday