Colombo Today Local News

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

අනුරාධපුර පොතානේගම විද්‍යාලයේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කර තිබේ.

ලබන අගෝස්තු මස 26 වන දින යළි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාර ගුරු සංගම් සභාපතිවරයාට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක වාස් ගුණවර්ධන මහතා කියා සිටියේ, සැකකරු අනුරාධපුර දෙවන පියවර, බුලන්කුලම දිසා මාවතේ දී පෙරේදා (1දා) තමන්ට පහර දුන් බව පවසමින් අනුරාධපුර පොතානේගම විද්‍යාලයේ ගුරුවරයකු වන රුවන්සිරි හේරත් නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.

Related posts

ජනපතිගේ අවධානය ගැනීමට නම් තනපටයක් එල්ලා තබන්නැයි සිරගත රණවිරුවන්ට මධුමාධවගෙන් උපදෙස්

colombotoday

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday