Colombo Today Local News

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක‍්‍රියාත්මක 10, 11, 12 සහ 13 වන ශ්‍රේණි සදහා පාසල් පැවැත්වෙන කාලසීමාව සැප්තැම්බර් මස 01 වනදා සිට සංශෝධනය කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 01වනදා සිට පාසල්වල 10, 11, 12 සහ 13 වන ශ්‍රේණි සදහා අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ පෙරවරු 07.30ට සිට පස්වරු 01.30 දක්වා පමණයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදී යළි ආරම්භ කෙරුණු පාසල්වල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා සිදු කෙරුණා.

ඒ අනුව මෙම මාසය අවසන් වන තෙක් පමණක් 10, 11, 12 සහ 13 වන ශ්‍රේණි සඳහා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 කාලසීමාව තෙක් පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

Related posts

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් විපක්ෂයට….

colombotoday

අර්ජුන රණතුංග අධිකරණයට එයි

Admin

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday

අනුර කුමාර කැනඩාවට

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday