Colombo Today Local News

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එළඹේන ජුලි මස 17 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි ඊයෙ (20) සිතාසි නිකුත් කළේය.

‍පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂනායකවරයාවූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදා කූඨ ලේඛණ සැකසූ බවට, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම ට අදාළව මෙලෙස සිතාසි නිකුත් කළේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම නඩුවේ පළමු හා දෙවැනි සාක්ෂිකරුවන් වන අතර වැඩ රාජකාරී අධික බැවින් අද (20) දිනයේ අධිකරණයට වාර්තා කිරීමට නොහැකි බව ඔවුන් දන්වා තිබුණී.

Related posts

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද

Admin

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

colombotoday