Colombo Today Local News

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යුද අපරාද සිදු නොකල බවත් යුද අපරාධ කලේ කොටි සංවිධානය බවත් පැවසීම සදහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානී හා හිටපු නාවික හමුදා මණ්ඩලකි ප‍්‍රධානි රියර් අද්මිලරාල් සරත් වීරසේකර මහතා ජනීවා නුවර වෙත ගොස් තිබේ.

කොටි සංවිධානය විසින් කල යුද අපරාධ සම්බන්ධ සියළු සාක්‍ෂි ඔහු විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙතෙක් කිසිදු රජයක් විසින් ඉටු නොකර ලද මේ ආකාරයේ ලියවිල්ලක් ඉදිරිපත් කර නැත.

එහි ගොස් සිටි වීරසේකර මහතා දෙමල ඩයස්පෝරාවේ හා කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් පිරිසකට තනිව ප‍්‍රතිචාර දක්වන වීඩියෝවන් සමාජජාලවල හුවමාරු වෙයි.

‘අපි බිම් බෝම්බ ලක්ෂ ගනන් අයින් කරනකොට ඔයාලා කොහෙද හිටියේ.. මගේ ඇගේ ලේ දමිල ජනතාවට දීල තියෙනවා.. ඔයා එපාරක්වත් එහෙම කලාද.. අහංසක දෙමල මිනිස්සු ත්‍රස්තවාදීන්ගේන් බැට කනකොට ඔයාලා කොහෙද හිටියේ.. ඔයා කටමැත දොඩවන කටින් කයිවාරුකාරයෙක්.. මංනාවික හමුදාවේ වසර 26ක් වැඩ කල නිලධාරියෙක්’ යයි ඔහු උස් හඩින් අදහස් පලකරද්දී ඊට අභියෝග කරන්නට කිසිවෙකු නොසිටියේය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1367309189974022/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

colombotoday

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

colombotoday

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday