Colombo Today Local News

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස් විසින් මඩකලපුවේ කල්කුඩාහි ආරම්භ කිරීමට නියමිත ස්ප්‍රීතු නිෂ්පාදනාගාරයට විශාල බදු සහනයක් ලැබීමට නියමිතය.

ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් අරක්කු සමාගම විසින් මෙම ස්ප්‍රීත නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි.

2017 අයවැය යෝජනා අනුව ඌව හා නැගෙනහිර පළාතේ ඩොලර් මිලියන 3 කට වැඩියෙන් සිදු කරන ආයෝජන සඳහා විශේෂ බදු සහන යෝජනා කර ඇති අතර, ඒ අනුව එම වාසිය මෙම සමාගමට හිමි වේ.

මෙම නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් මේ වන විට නතර වී ඇත්තේ කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාව හා නැගෙනහිර පළාත් සභාවෙන් මේ සඳහා විරෝධය පළ වී ඇති නිසාය.

Related posts

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

අන්තර්ජාල වේගය දෙන්න බැරුව Dialog ෆේල්. නව සබදතා මිලදී ගැනීමෙන් වලකින්න. | මාසික බිලෙන් කොටසක් කපා හරින්නැයි ඉල්ලීම්.

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday