Colombo Today Local News

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී එම ආසාදිත රැඳවියා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

22 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම ආසාදිත රැඳවියා හිතවතෙකුගේ නිවසේ සිටිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ වන විට ආසාදිත රැඳවියා සිටි නිවසේ පුද්ගලයා නිරෝධායනයට යොමුකර තිබේ.

අද අලුයම ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් පස් දෙනෙක් පළා ගොස් තිබිණි.

එම රැඳවියන් මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන විත් සිටි අයයි.

Related posts

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

colombotoday

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday