Colombo Today Local News

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

බැඳුම්කර වංචාව විමර්ශනය සදහා පත් කොට ඇති කොමිසමේ සමාජිකයින් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙන්දේසිය නිරීක්ෂණය කිරීම තුළින් “බැදුම්කර මගඩියේ“ එක් අන්තයක් පිළිබදව ඔවුනට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ ගාල්ලේ පැවති පුවත්පත් සාකච්ඡාවක දීය.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේද සඳහන් කළේය.

“මහ බැංකු බැඳුම්කර වංචාවේ දී 2015 පෙබරවාරි 27 උදේ සිදු වූ දේ තුළ බැදුම්කර වංචාවේ ප්‍රබලම සාක්ෂිය සැඟවී තිබෙනවා. මහ බැංකු වෙන්දේසියේ පරිගණක පද්ධතිය තවදුරටත් ලංසු ලබාගත නොහැකිව සාමාන්‍ය තත්ත්වය යටතේ පෙ.ව. 11 ට ස්වයංක්‍රීයව වැසී යනවා. නමුත්, ලංකා ඉතිහාසයේ විශාලතව මහ බැංකු මංකොල්ලය සිදු වූ දිනයේ පෙ.ව. 10.55 ට ලැබුණු දුරකථන ඇමතුමකින් මහ බැංකුවේ ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය තවත් විනාඩි 10 කට එනම් 11 සිට 11.10 දක්වා විවෘත කිරීමට නියෝගයක් ලැබෙනවා. “

එම නියෝගය ලැබුණු පසුව පෙ.ව. 11.04 ට එච්එස්බීසී බැංකුව මගින් රු. මිලියන 100 ක මුදලකට 12.5% කට මුදලක් සඳහා ලංසුවක් ලැබුණා. මෙය ඉතා වැදගත්. මෙම බැංකුව දැනගෙන හිටියා නිශ්චිතව වෙනදා වගේ මහ බැංකුවේ ලංසු ගැනීම 11.00 ට ස්වයංක්‍රීයව අවසන් නොවන බව. ඔවුන් දැනගෙන හිටියා අර හොර ගැසට් එකේ තියෙන අනුපාතයට (වෙනදා සාමාන්‍ය වෙළෙදපොළ වටිනාකමට වඩා වැඩි පොළියකට) තමන්ට වාසසහගත ගනුදෙනුවක් කළ හැකි බව.

අද කොමිසමේ නිරීක්ෂණය තුළ ඔවුන් පෙ.ව. 11 ට අවසන් වන ස්වයංක්‍රීයව ලංසු සඳහා පරිගණක පද්ධතිය වැසී යන බව අනිවාර්යෙන්ම නිරීක්ෂණය කරන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වන විටත් එදා පෙ.ව. 10.55 ට ලැබුණු දුරකථන ඇමතුමකින් ලංසු ගැනීම විනාඩි දහයකට දික් කර බවත් ඒ විනාඩි දහයෙන් විනාඩි 4 ක් තුළ ලංකාවේ විශාලතම බැංකු මංකොල්ලයෙන් කොටසක් රු. මිලියන 100 ක ගනුදෙනුව සිදු වූ බව විගණකාධිපති හා කෝප් වාර්තා වන් හි සදහන් වෙනවා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

අද අපට ඇති අභියෝගය මේ මංකොල්ල කෑ මුදල් නැවත මහ බැංකුවට ලබා ගන්නේ කෙසේද යන්නයි. මේ මුදල් අයිති රටේ ජනතාවටයි. ඒ සඳහා අප ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. අප විශ්වාස කරනවා කොමිෂන් සභාවට එය කරන්න පුළුවන් වෙයි කියලා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

Related posts

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

අතුරුදන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

Admin

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

පවුල් ආරවුලක් විසදන්න ගිය තිදරුමවක් පොලු පහරකින් මරුට

colombotoday

වැලි ජාවාරම්කරුවන් පිරිසකට පොලීසියෙන් වෙඩි

colombotoday

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

colombotoday