Colombo Today Local News

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

අඛණ්ඩව සිදු කරනු ලබන මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයුම් සඳහා සහය වන ලෙස පොලීසීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්, ළඟ තබා ගැනීම් පිළිබඳ තොරතුරු තිබේ නම්, ඒ සම්බන්ධව 1997 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.

මත්ද්‍රව්‍ය පිළිබඳව සාර්ථක තොරතුරු ලබා දෙන්නන්ට වටිනා ත්‍යාග ලබා දීමට පොලීසිය ක්‍රියා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය ග්‍රෑන්ඩ්පාස්හිදී ඊයේ (29)දිනයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලි ග්‍රෑම් 596ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව අනුරාධපුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් කිහිපයකදී හෙරොයින් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22 ,25 සහ 26 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.

මීට අමතරව ගල්කිස්ස පොලිස් වසමේදී හෙරොයින් සමග 35 හැවිරිදි සහ 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්තේදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අමතරව රාගම සහ බොරැල්ලේදී ද හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙරට නීතියට අනුව යම් අයෙක් හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අධිකරණයකදී වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුට මරණීය දඬුවමින් දඬුවම් කිරීමට හැකියාව ඇති බවයි.

Related posts

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති හමුවට කැඳවයි

Admin

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday