Colombo Today Local News

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත්කෙරේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 කි.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කල මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී.

මංතීරු 4 ක් යටතේ ඉදිකල මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඉදිකර ඇත.

මේ සඳහා රු.බිලියන 137ක් වැය වී තිබේ.

Related posts

මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලවේ සිවිල් සේවකයෙකුට කොරෝනා

colombotoday

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday

මළ සිරුරු 30කට, තුවාලකරුවන් 80කට වැඩි පිරිසක් ජාතික රෝහලට…

colombotoday

ඉන්දියාව සමග ETCA අත්සන් කරනවා.. ස්ථීරයි – ජනපති සහතික වෙයි

colombotoday

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු… 18වන සෙනසුරාදා පාසල්

Admin

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday