Covid 19

රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොවිඩ් ආසාදනය වෙයි

රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද(30)දින පැවසිය.

වෛද්‍යවරු ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්‍ධ කරගෙන ඊයේ(29)දින රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

මෙම ත්ත්වය රත්නපුර මහ රෝහලේ සෙසු කටයුතු වලට කිසිදු බාධාවක් නොවන බවත් කී පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා ආසාදිත වූ සියලූ දෙනා වෙන්කර අවශ්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට උපදෙස් දුන් බව ද ඒ නිසා මහජනතාව අනියත බියක් ඇතිකර නොගයුතු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් වෛසරය ආසාදිතයන් හමුවීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා මේ වනවිට ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් හතරකට සහ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් පහකට සංචරණ සීමා පනවා ඇත.

රත්නපුර මහ රෝහලට ඇතුළත් කරන රෝගීන් අතරින් කොරෝනා රෝග ලක්‍ෂණ ඇති රෝගීන් හමුවු විට ඔවුන් රඳවා සිටින විශේෂ වාට්ටුවේ ප‍්‍රතිකාර ගන්නා රෝගින් 9දෙනෙක් මෙසේ ආසාදිත බව තහවුරු වී ඇති බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කළේය.මෙම අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණකට හැර අනවශ්‍ය ලෙස තැන් තැන් වල සමූහ වශයෙන් එකතු නොවන ලෙස පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

රෝගී තත්ත්වයන් නොතිබුණද, උදේ සවස ලූණු මිශ‍්‍ර උණුවතුරෙන් උගුර සේදීම, වරින්වර උණුවතුර පානය කළ හැකිනම් එය වෛරසය ශරීරගත වීම වළක්වා ගැනීමට පිටිවහලක් වනු ඇති බවද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.කෝවිඞ් මර්දන එන්නත ඉදිරියේ දී ලැබුණත් රෝගය වළක්වා ගතහැකි පුරුදු අනුගමනය කිරීමෙන් රෝගය පැතිරයාම වළක්වා ගැනීම කළ හැක්කේ පොදු ජනතාවගේ සහාය ඊට ලැබීමෙන් පමණක් බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.

Related posts

සෞඛ්‍ය ඇමතිනීයට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

colombotoday

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday