Colombo Today Local News

ක්ලෙමන්ට් බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම

බන්ධනාගාරගතව සිටින ක්ලෙමන්ට් ගුණරත්න නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

අදාළ ජාවාරම මෙහෙයවන ලද 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ක්ලෙමන්ට් ගුණරත්න නමැති පුද්ගලයා ඉන්දීයාවේදී මියගිය බවට පැවසෙන පාතාල කල්ලි සාමාජික “අංගොඩ ලොක්කාගේ“ ගෝලයෙකු බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“අද දෙමටගොඩ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු සතුව තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සොයාගෙන තිබෙනවා. ඔහු එම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරන අවස්ථාවකදී දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිටින එක්තරා ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාද කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරනු ලබනවා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කර දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් විමර්ශනය කරනවා.“

Related posts

ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

colombotoday

හම්බන්තොට රාජ්‍ය සේවකයාගේ සහය සජිත්ට අහිමි වෙයි… 68%කින් ගෝඨාභය දිනයි !

colombotoday

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

සහරාන්ගේ බිරිඳ හාදියාට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday