BusinessColombo Today Local News

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් සඳහා වන ශ්‍රී ලංකා විනිමය ප්‍රමාණයේ සීඝ්‍ර වැඩි වීමක් අද (21) වාර්තා වී තිබේ.

එහිදී ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 153 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් ගැනුම් මිල රු. 149.68 ක් ලෙසත්, විකුණුම් මිල රු. 153.44 ක් ලෙසත් ශ්‍රීලංකා මහ බැංකු විනිමය අනුපාතයන්හි වාර්තා විය.

මෙය ඊයේ (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් මිල වූ රු. 149.15 හා විකුණුම් මිල රු.152.88 හා සැසඳීමේ දී පිළිවෙලින් සත 53 ක හා සත 56 ක ඉහළ යාමකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනේ මේ බව සඳහන් වේ.

Related posts

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

දින හතේ දරුවා පනස්දහසකට විකුණන්න හදලා

colombotoday

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

colombotoday

යුවලක් මහවැලියට පනී.. 19 හැවිරිදි තරුණිය අතුරුදන් පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට ඇවිත්

colombotoday