Colombo Today Local News

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

ගලේවෙල ප්‍රදේශයේ නිවසක තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දරුවාගේ මව තම පියාගේ නිවසට ගොස් පැමිණෙන අතර තුරදී මෙම කුඩා දරුවා එම නිවස පිටිපස තබා තිබූ වතුර පිරවූ මුට්ටියට ඇද වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම මියගිය දරුවා ගේ සීයා නිවස පිටුපස තබා ඇති මුට්ටියට වතුර ලබා ගැනීමට පැමිණෙද්දී කුඩා දරුවා එම මුට්ටියට වැටී සිටින ආකාරය දුටු බව සඳහන් වේ.

පසුව දරුවා රෝහලට රැගෙන ගිය ද ඔහු ඒවන විටත් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

Related posts

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday

ඉතාලි යවනවා කියා මුදල් වංචා කල කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ඉන්ධන කෝටාව අලුත් කරයි

colombotoday