Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන්ට නුදුරේම නඩු

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

දැනට සැකකරුවන් තිස් දෙදෙනෙකුට අදාළව නඩු නවයක් පවරා ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

අඩුපාඩු පැවති විමර්ශන ලිපිගොනුවලින් සියයට 75ක් පමණ සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවට නැවතත් යවා ඇතැයි කී ඇමැතිවරයා ඉතිරි සියයට විසි පහ ලැබුණු පසු නඩු පැවරීම් කටයුතු සූදානම් කෙරෙනු ඇතැයිද සඳහන් කරයි.

මේ අතර නඩු පැවරීම් කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා නීතිපතිවරයා සමග කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 54 දෙනෙකු තමා පත් කළ බව ද සරත් වීරසේකර මහතා පැවසුවේය.

Related posts

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

වැලලෙන්න ඉල්ලා රිෂාඩ් බදුර්දීන් උසාවි යයි

colombotoday