Colombo Today Local News

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්ත ශාලා ගොඩනැගිලි දෙකක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබාගැනීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

මීට අමතරව ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ද වසා දමා ඇති කර්මාන්තශාලාවක ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට නියමිතය.

කොරෝනා තත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ද ප්‍රසන්න රණතුංග මහතා කියයි.

වසා දමා ඇති කර්මාන්තශාලා තුන තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාව අතර කළ ඉල්ලීමක් අනුව දුරකතනයෙන් ආයෝජන මණ්ඩල ප්‍රධානීන් අමතා ඒවා ලබාගත් බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Related posts

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් අත්අඩංගුවට

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

පූජිත් ජනපති කොමිසමට එයි

colombotoday

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

colombotoday