Colombo Today Local News

කේරල ගංජා කිලෝ 240කට මාදගල් වෙරළේදී ගිනි තබයි

යාපනය මාදගල් ප්‍රදේශයේ මුහුදු වෙරළේ බෝට්ටුවක සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 240 ග්‍රෑම් 950 ක ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් මාදගල් ප්‍රදේශයේ මුරසංචාරයක නිරත වූ අවස්ථාවේදී වෙරළේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත.

අදාල කේරලගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙලෙස සඟවන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරසිටියි.

ඉන්දියාවේ පවතින දැඩි කොවීඩ් අවධානම නිසා එම කේරල ගංජා තොගය අධිකරණ නියෝගයක් ගෙන මාදගල් මුහුදු වෙරළේදීම ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව කියයි.

Related posts

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Admin

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ !

colombotoday

ඊළමට ආවඩා ලංකාවට එනු බෑ ! ඊළාම් ගැති රැජිණි කාන්ත්ගේ වීසා අයැදුමට ලංකා රජයෙන් පාපහරක් !

colombotoday

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin