Colombo Today Local News

දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව ෆොන්සේකා අධිකරණයට යයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ ව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අද (09)දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා කියා ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමන් ද “වගකිව යුතු පුද්ගලයකු” බවට නම් කර ඇති බවය.

මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද සඳහන් කරයි.

Related posts

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

colombotoday

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

colombotoday

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ…

colombotoday

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday