Colombo Today Local News

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල අද විවෘත වේ !

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඩිස් අබාබා හිදී අද විවෘත කිරීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල ඉතියෝපියාවේ සංචාරයක නිරතව සිටින අතර, ඔහු සහ එරට විදේශ අමාත්‍යවරයා විසින් තානාපති කාර්යාලය විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල ඉතියෝපියාවේ නිළ සංචාරයක නිරත වන අතර ඊයේ (01) දිනයේ ඉතියෝපියානු ජනාධිපති මුලතු තෙෂෝන් මහතා හමුවී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, මෙරට වත්මන් සමාජ, දේශපාලනික මෙන්ම ආර්ථික ප‍්‍රවණතා පිළිබඳව හා ජාතික ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳව ද එම සාකච්ඡාවලදී දැනුවත් කර තිබේ.

ඉතියෝපියාව ලෝක දරිද්‍රතා දර්ශකයේ මුල්පෙළ් රටක් වන අතර, අප්‍රිකානු කළාපයේ දුප්පත්ම රටවල් 10න් එකක් ලෙස සැළකේ. එහි ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 505 ලෙස සදහන් වේ. ඉතියෝපියාව දරුණු සාගතය, ඒඩ්ස් සහ වසංගත රෝග, අභ්‍යන්තර ගැටුම් සහ දේශපාලන අස්ථාවරභාවය නිසා නිරන්තර පීඩා විදින රටකි.

Related posts

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

Admin

ප‍්‍රභාකරන්ගේ නිවසට ගොස් හඬාවැටුණු ඉන්දීය නළු සතීස් කුමාර් ගැන පරීක්‍ෂණ

colombotoday

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

colombotoday