Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පොරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සරත් විරසේකර මහතා පවසයි.

මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බව ද ඔහු ප‍්‍රකාශ කළේ ය.

මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙඳුම්වාදී දේශපාලඥයින්ගේ, දෙමළ ඩයස්පොරාවෙන් හා බටහිර රටවල පූර්ණ සහයෝගයෙන් බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුර වෙනම රාජ්‍යයක් බවට පත් කර දීම මොවුන්ගේ අභිප‍්‍රාය බවත් වීරසේකර මහතා පැවසීය.

රටේ ඒකියභාවය මෙම ව්‍යවස්ථාව තුළින් විශාල අවදානමකට ලක්ව තිබුණ ද ඒ පිළිබ‍ඳ සමාජය නිසි ලෙස දැනුවත් වී නොමැති බව ද මෙහිදී වීරසේකර මහතා කියා සිටියේ ය.

Related posts

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය පැනවේ.

colombotoday

කොවිඩ් බලපෑම නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday