World

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වැඩබලන නීතිපතිනිය සේවයෙන් පහ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සංක්‍රමණිකයන් සම්බන්ධ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවල නිත්‍යනුකූල භාවය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස සේවයෙන් පහකර ඇති බව ය.

සාලි යේට්ස් නම් නීතිපතිවරිය පත් කෙරුණේ, හිටපු ජනපති බැරක් ඔබාමා විසිනි.

ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, ඇය දෙපාර්තමේන්තුවේ විශ්වාසය කඩකර ඇති බව ය.

මේ අතර සාලි යේට්ස් පවසන්නේ, ජනාධිපතිවරයාගේ නියෝගය නිත්‍යනුකූල නොවන බව ත් තමා තවදුරටත් අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන නීතිපතිනිය බවත් ය.

එහෙත් ධවල මන්දිරය පවසන්නේ, අමෙරිකානු වැසියන්
ආරක්ෂාව වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහය නොදීම තුළින් ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වාසය පළුඳු කර ඇති බව ය.

මේ අතර වර්ජිනියාහි නීතිපනිය ලෙස සේවය කළ ඩෙවිනා බෝඑන්ටේ නීතිපති දෙපාර්තමේන්තුවේ නව වැඩබලන නීතිපතිනිය ලෙස පත් කර තිබේ.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

ලාංකික කතකගෙන් බලෙන් වැඩ ගත් ඇමරිකන් කත වසර 5ක් හිරේ​

colombotoday

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්

Admin

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday