Colombo Today Local News

ජනපති – අගමැති ගැටුමෙන් මහබැංකුව සෙලවේ.. ආර්ථිකය තවත් අවුලට

ජනාධිපතිවරයා විසින් පත් කර සිටින මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සහ එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට විරුද්ධව අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන මුදල් ඇමති, රවි කරුණානායක දිගින් දිගට ම ක්‍රියා කිරීම නිසා මහ බැංකුව දැඩි අර්බුදයකට පත් වීම තුළින් ආර්ථිකයට ගැටලු රැසක් ඇති වෙමින් තිබෙන බව අනාවරණය වේ.

මුදල් අමාත්‍යාංශයේ විෂයපථය යටතේ පවා නොමැති මහ බැංකුවේ කටයුතු සඳහා බලහත්කාරී ලෙස රවී කරුණානායක ඇමතිවරයා අතපෙවීම් කිරීමත්, ප‍්‍රහාරාත්මක විවේචන නැඟීමත් කරමින් සිටී.

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ පරිපාලනයේ ඒකමිතික භාවය මේ නිසා බිඳවැටීමේ අවදානමක්ද මතුව තිබේ. එමෙන්ම මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර අගමැතිවරයා යටතේ තිබෙන ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පවරා තිබීමද බරපතල තත්ත්වයක් බව වාර්තා වේ.

රවී කරුණානායක ඇමතිවරයා මහ බැංකුව සම්බන්ධයෙන් බලහත්කාරය යොදවන ලද අවස්ථා සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු අතුරින් කිහිපයක් මෙසේය.

මහ බැංකුවේ නිලධාරීන් සහ ප‍්‍රාථමික තැරැව්කරුවන් අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවක නොදන්වාම එයට කඩාවැදී මහ බැංකුව පිළිබඳ අප‍්‍රසාදයෙන් කතා කිරීම, මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නීත්‍යනුකූලව හිමිව තිබෙන දේපළ බලතල පවරා ගැනීමට උත්සාහ කිරීම, මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ බලධාරීන් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම හා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළේ රුපියලේ අගය පහත හෙළීමට කුමන්ත‍්‍රණය කරන බවට චෝදනා කිරීම වැනි අවස්ථා වාර්තා විය.

මෙවැනි විවිධ අභූත චෝදනා මහ බැංකු නිලධාරීන්ට එල්ල කරමින් බලහත්කාරය යොදවන මුදල් ඇමතිවරයා 2015 ජුනි මස අවසන් වනවිට ඩොලරයක රුපියල් ප‍්‍රමාණය 129 දක්වා පහත හෙළන බවටද පුරසාරම් කතා කියා තිබී ඇත. එහෙත් මේ වනවිට ඩොලරයේ රුපියල් ගණන 152ක් ඉක්මවූ තත්ත්වයක් පවතී.

මේ අතර ආණ්ඩුවේ අත්තනෝමතික අවශ්‍යතා හෝ ඇමතිවරයාගේ අත්තනෝමතික කටයුතුවලට එකඟ නොවීම නිසා මහ බැංකු අධිපතිවරයා සමඟ මෙන්ම එහි මුදල් මණ්ඩලය සමඟත් මුදල් අමාත්‍යවරයා බරපතල ගැටීම් ඇති කරගෙන සිටියි.

ලංකා ඉරිදා සංග්‍රහය

Related posts

කෘෂිකර්මෙ සල්ලි ගිලින සිනමා නිලියගේ හිස් බිල්ඩිම : මාස 11ක කුළිය කෝටි 27 යි (Video)

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

colombotoday

“හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලයත් එජාපයට දිය යුතුයි” – අගමැති

colombotoday

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin