Colombo Today Local News

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

මහල් නිවාස සංකීරණයක් ඉදිකිරීම සදහා කොළඹ, කොම්පඤ්ඤ වීදියේ පිහිටි අක්කර අටක ඉඩමක් සෘජු විදෙස් ආයෝජනයක් සහිත පුද්ගලික සමාගමකට බදු සහනද සහිතව පවරා දීමට රජය තීරණය කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 429.5 (රුපියල් මිලියන 64,425) ක මුදලකට වන් කලම්බු ප්‍රොජෙක්ට් (ප්‍රයිවෙට්) ලිමිටඩ් නම් සමාගමට පවරාදීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 429.5ක අපේක්ෂිත ආයෝජනයක් සහිත ප්‍රති සංවර්ධන සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මේ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව එම ගැසට් පත්‍රයෙහි සඳහන්ය.

Related posts

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

පාස්කු ප්‍රහාරයට ජනපති හැර, සියල්ලන්ම වැරදිකරුවන් වන ලකුණු !

colombotoday

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

colombotoday