Colombo Today Local News

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

කටාර්, දෝහා නගරයේ නිවාස සංකීර්ණයක් අසල සිදුකළ වෙඩිතැබීමකින් එහි ආරක්ෂක නිලධාරියෙක් මරණයට පත්ව තිබේ.

එම නිවාස සංකීර්ණයට ඇතුළුවීම සඳහා පැමිණි තරුණයෙක්ගෙන් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් එම වෙඩිතැබීම සිදුකර ඇත.

සිද්ධියෙන් පසු අදාළ තරුණයා නැවත එම ස්ථානයට පැමිණ එම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව අනාවරණය වී ඇත්තේ මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් බවයි.

වෙඩිතැබීම සිදුකළ තරුණයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday