Colombo Today Local News

විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක මිලියන 96ක් අතුරුදන්.

පරිසර අමාත්‍යාංශය මගින් විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අවසානයේ ඉතිරි වූ රුපියල් මිලියන 96 ක මුදලක් අතුරුදන් වීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

වසරක කාලයක් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය අවසන්වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදීය.

ව්‍යාපෘතියෙන් ඉතිරිවූ රුපියල් මිලියන 96 ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කළ බවට ව්‍යාපෘතියේ නිලධාරීන් පැවසුව ද,එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවී නොමැති බව පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අනාවරණයවී තිබේ.

වහාම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ගෙන් අදාළ මුදල් සම්බන්ධව නිදහසට කරුණු විමසා විමර්ශනයක් සිදුකරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

Related posts

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

දෙමල සන්ධානයට පහසුතැන එජාපයයි – පාලිත රංගේ බණ්ඩාර කියයි

colombotoday

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday