Colombo Today Local News

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයාගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය 2020 වසරේ උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයක් බවය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනයෙන් උපයන ලද අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි.

එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවායෑමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව 2021 වසරේ මාස 8ක් තුළ දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගනිමින් අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීම පිළිබඳ ව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Related posts

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

කොළඹ -නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටේ

colombotoday

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු… – සමාජවාදී තරුණ සංගමය කොළඹදී දැවැන්ත විරෝධතාවක…

colombotoday

ශ්‍රී ලංකා ආර්ථිකය දකුණු ආසියාවේ 8වැනි තැනට ඇදවැටේ… අලුත්ම වාර්තා මෙන්න

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday