Colombo Today Local News

උපකාරක පංති යලි ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

ළමුන් සියයට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති ඉසුරු මේනුක මහතා පෙන්වාදෙන්නේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වී සති දෙකක් තුළ උපකාරක පංති ආරම්භ කිරීමට ද හැකියාව පවතින බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඉසුරු මේනුක,

“අපි දන්නවා මේ වෙනවිට රටේ සියලුම ක්ෂේත්‍ර විවෘත වෙමින් පවතින අවස්ථාවක උපකාරක පන්ති ක්ෂේත්‍රය පමණක් වැහිලා තියෙනවා. ඒ මත යැපෙන විශාල ගුරුවරු ප්‍රමාණයක්, ඒ මත යැපෙන විශාල පවුල් සංඛ්‍යාවක් තියෙනවා. අපි ඉල්ලීමක් කරන්නේ, සෞඛ්‍ය අංශවල නීතිරීති අනුව, රටේ ආරක්ෂක අංශවල නීතිවලට අනුව අපි පන්ති කරන්න සුදානම්. ඒ වගේම අපේ ආයතනවල ඉන්න සියලුම සේවකයින් මේ වෙද්දි එන්නත් දෙකම ලබාගෙන තියෙනවා. ගුරුවරු සියලුම දෙනා එන්නත් දෙකම ලබාගෙන තිබෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ, ළමයින් 100කට අඩු පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශය කඩිනමින් ලබාදෙන්න කියලා. එසේ ලබාදීමට අපොහොසත් වුණෙත් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියවර ලබාදුන්න මාර්ගෝපදේශය අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසු අපි පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Related posts

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් නෑ… අගමැති අපේක්ෂකකම සජිත් ට !

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday