Colombo Today Local News

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

කැස්බෑව අධිකරණය ඉදිරිපිටදී කාන්තාවක ඇතුළු දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයකු අද (25)දින උදෑසන අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.

පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව සහ අනෙත් පුද්ගලයා ප්‍රතිකාර සඳහා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

මෙලෙස රෝහලට ඇතුළත් කළ කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත් ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

පිලියන්දල කොස්පැලෑනවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මෙම කාන්තාවගෙන් සැකකරු දික්කසාද වීම හේතුවෙන් නඩත්තු ලබමින් සිටින අතර කාන්තාවට ගෙවිය යුතු නඩත්තු මුදල් පසුගිය මාස කිහිපය පුරා පැහැර හැරීම හේතුවෙන් අද දින අධිකරණයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එකවරම සැකකරු අත තිබූ මන්නා පිහියකින් කාන්තාවගේ හිසට සහ සිරුරට මෙසේ පහර දී තුවාල සිදුකර ඇති අතර එය බේරීම සඳහා මැදිහත් වූ කාන්තාව සමඟ පැමිණි ඥාති පුත්‍රයකුට ද මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

පසුව තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

පසුව සිද්ධියට සම්බන්ධ සැකකරු මන්නා පිහිය ද සමග අධිකරණය ඉදිරිපිටදීම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

colombotoday

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

Admin

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday