Colombo Today Local News

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

ඖෂධ ආනයනය කිරීම සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන විසි පහක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වුවහොත් ඖෂධ ආනයනය නතර වනු ඇතැයි ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය අනතුරු අඟවයි.

ඩොලර් ලබාගැනීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමග සාකච්ඡාවක් කර දෙසතියක් ගත වී ඇතත් ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් ලැබි නොමැත. මේ නිසා ඔසුසල්වල ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරි මාස තුන ඇතුළත එය වඩාත් උග්‍රවන බවත් පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද ප්‍රකාශ කරයි.

ඖෂධ මිල පාලනයෙන් ඉවත්කර මිල වැඩි කරන ලෙසට ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව ඖෂධ මිල 5%කින් ඉදිරියේ දී වැඩි කිරීමට රාජ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදෙන බව ද කර්මාන්ත මණ්ඩලය සඳහන් කරයි. මේ වනවිට රජයේ රෝහල් රැසක ද ඖෂධ හිඟයක් පවතියි. වෛද්‍ය නිර්දේශ සහිත ඖෂධ තුණ්ඩු රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන අතර රෝගීන්ට පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගැනීමට සිදුව ඇති බව ද පැවසේ.

Related posts

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නැහැ… – ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

colombotoday

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

ප්‍රබල ඇමතිගේ ලේකම්වරියගෙන් රේගුවට අමුතු නියෝගයක්.. පක්ෂයට උදව් කළ ව්‍යාපාරිකයන්ට සුපිරි බදු සහන

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday