Colombo Today Local News

යුක්‍රේන සංචාරකයින්ගේ විසා දීර්ඝ කරන්න සාකච්ඡා..

යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දිර්ඝ කිරීම සම්බන්ධයෙන් අද(28)දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනටමත් මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන ‍දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.

සංචාරකයින් සඳහා වීසා ලබා දෙන්නේ, අවම මාසයක කාලයකට බැවින් මේ වනවිට මෙරට රැඳී සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලය ද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මේ වනවිට යුක්‍රේන සංචාරකයින් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැඳී සිටින අතර මෙරට රැඳී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11,500 කට ආසන්නයි.

Related posts

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඵලදායි කතා බහක් සිදුවුනා – මයික් පොම්පියෝගෙන් ට්විටර් සටහනක්

colombotoday