Colombo Today Local News

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජවෙර්ධන මහතා ඉන් පෙන්වා දෙන්නේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවයකට පැමිණ එය ගතයුතු බවත්ය.

ඉකුත් 23 වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වගෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය ඒකමතිකව අනුමත වී තිබේ.

මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

Related posts

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

ලසන්ත ඝාතනය කළේ කවුද… මහින්දගෙන් ඉගියක් ! (Video)

colombotoday