Colombo Today Local News

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

නුදුරේදී ම පැවැත්විය යුතුව තිබෙන පළාත් පාලන මැතිවරණයෙහි දී කොළඹ මහ නගර සභාව සඳහා තම අපේක්ෂකයා ලෙස හිටපු කොළඹ නගරාධිපති සහ හිටපු කොළඹ මහ නගර සභා විශේෂ කොමසාරිස් ඕමාර් කාමිල් මහතාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (නෙලුම් පොහොට්ටුව ලකුණ) යටතේ ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමට සාකච්ඡා වුවද ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් ම ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එකඟතාව පළ කරන බවක් ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතුරින් ප්‍රධානත ම මෙන් ම පාර්ලිමේන්තුවට පමණක් දෙවැනි වන තරම් විශාල ගනුදෙනු සිදු කෙරෙන කොළඹ මහ නගර සභාව දන්නා කලක පටන් ම එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් ලෙසින් සැලකේ. ඕමාර් කාමිල් මහතා ද කොළඹ නගරාධිපති තනතුර හෙබවූයේ එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙසය. 1979 වසරේදී මුල් වරට කොළඹ මහ නගර සභාවට සභියකු ලෙසින් පත්ව දීර්ඝ කාලයක් මුළුල්ලේ කොළඹට සේවය කළ හෙයින් ම ඔහු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මහත් ජනප්‍රියත්වයක් උසුළන්නෙකු ද වෙයි. 2006 සහ 2009 වසර වලදී මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ ප්‍රධාන නගර පරිපාලකවරයා ලෙසින් ද පත් කරවනු ලැබූ ඔහුව 2010 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස්වරයා ලෙසින් පත්කොට එහි සියළුම පරිපාලන බලතල ද තාවකාලිකව පවරා දී තිබිණි.

තමන්ගේ ම පැරණි බලකොටුවට මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වන්නේ හිටපු විවාහක ලෝක රූ රැජිනක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන රෝසි සේනානායක මහත්මියව ය. ඕමාර් කාමිල් වැනි කොළඹ මහ නගර සභාව තුළ ඉහළ ජනප්‍රියත්වයක් උසුළන මුස්ලිම් ජාතිකයකුට එරෙහිව ඇයව ඉදිරිපත් කිරීම යනු හුදෙක් ‘ඉල්ලං කෑමක්’ වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පිටවීමට ඉඩ නොදෙනු. ජාත්‍යන්තර කොටි එක්සත් රාජධානියෙන් ඉල්ලයි

colombotoday

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

colombotoday

මැලේසියා-ඉන්දුනීසියා තායිලන්ත ගිවිසුම් ගැන මම දන්නේ නෑ

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

දැඩි NGO ප්‍රහාරයට ලක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දේශපාලන මාරුවක් ?

colombotoday

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම් – අනවසර ගිනිඅවි භාවිකා කළාදැයි සැකයක්?

colombotoday