Colombo Today Local News

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විඵක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රධාන ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීමට තීරණය කර ඇත.

ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ඇය ජනාධිපතිවරයා හමුවී ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිලිවෙලට සහාය දෙන බවත් ඔහු සමග ඉදිරි දේශපාලන කටයුතුවල යෙදෙන බවත් සදහන් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයෙන් සන්ධානය යටතේ පාර්ලිමේව්න්තුවට තේරී පත් වූ ඇය දිනේෂ් ගුණවර්ධන මහතා හැරුණු විට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත‍්‍රීවරියද වෙයි.

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අපේක්‍ෂක ලයිස්තු සකස් කිරීමේදී ඇගේ නම් ලයිස්තුවට බරපතල ලෙස අසාධාරණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් සිදුව ඇති නිසා බවද ඇය සිය සමීපතමයින්ට සදහන් කර ඇත.

Related posts

සිංහලයෙකු සමග විවාහවූ කාන්තාවකට ෂරියා නීතිය ක්‍රියාත්මක කල අටළුගමදී පල්ලිය වීඩියෝ කල මාධ්‍යවේදියෙකුටත් පහර දෙයි

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

විදුලිය බිඳවැටීමක් සිදුවෙන්නේ නෑ – රංජන් ජයලාල්ගෙන් සහතිකයක්

colombotoday

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday