Colombo Today Local News

කෙරවළපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකාවට විකුණලා – අනුර කුමාර

කෙරවලපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකානු සමාගමක් වෙත විකුණා දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

ටෙන්ඩර් ලංසු හෝ ඉදිරිපත් නොකළ නිව් පෝට‍්‍රට් එනජීස් නමැති ඇමෙරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරය එසේ විකුණා දමා ඇති බවත් හෙතෙම කීවේය.

අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (19)දින පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

“පසුගිය පෙබරවාරි 18 වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් පළකළා. මේ අනුව පාවෙන ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය වෙන්වෙන්ව ටෙන්ඩර් කැඳවලා තිබුණා. එහි ඉල්ලූම් පත‍්‍ර ලබාගැනීමට රුපියල් ලක්ෂ 2ක තැන්පතුවක් ලබාගත්තා. ජූලි 18 වැනි දිනට පෙර ලංසු ඉදිරිපත් කළ යුතුව තිබුණා. එහෙත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ නිව් පෝට‍්‍රට් එනර්ජි නම් ඇමෙරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කර ගත්තා. මෙය කිසිසේත්ම පිරිසිදු ගනුදෙනුවක් නෙවෙයි. එම ඇමෙරිකානු සමාගමට අවශ්‍ය නම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකිව තිබුණා. නමුත් එයට ඉල්ලූම් නොකළ සමාගමකට ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ විසින් ලබාදී තිබෙනවා. එම සමාගමටම වසර 5ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් පත‍්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමැතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත‍්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැහැ. අතිරේක පත‍්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් වුණා. ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබාගත්තා. ඇතැම් ඇමැතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. එහෙත් එහි කිසිම තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමයි.”

Related posts

ඇමරිකානු තානාපති අභ්‍යන්තර කටයුතුවලට නැවතත් අත දමයි … සම්බන්ධන් සමග රහස් කතා

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

ව්‍යවස්ථා නිර්දේශ ප්‍රසංශනීයයි.. ෆෙඩරල් නෑ.. අනාගමික නෑ.. පරාජිතයින් බොරු බිල්ලෙක් මවනව – JHU

colombotoday

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

colombotoday

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday