Colombo Today Local News

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් හර්ෂණ යන දෙදෙනාය.

නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේ, එම ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනාට පසුගිය ජුලි 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා කර ඇති බවය.

මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් හෙට ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිඥවරයා පවසයි.

Related posts

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

colombotoday

සිවාජිලිංගම්ට ඇප

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

අධිකරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

colombotoday

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

colombotoday