World

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පළමු මරණය වාර්තා වී තිබේ.

බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදිත වී දින කිහිපයකට පසුව ඔහුට වැළදී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබුණි.

රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඔහු අදාළ සත්කාර මධ්‍යස්ථානයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ අයෙකු බවද විදෙස් වාර්තා සඳහන් කළේය‍.

Related posts

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට

colombotoday

නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයි

Admin

ISIS ත්‍රස්තවාදීන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්?

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday